උත්සව සමයේදී රට වැසුවොත් පුදුම වෙන්න දෙයක් නෑ -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
318

උත්සව සමයේදී විශේෂයෙන්ම මේ අවුරුද්ද අග බාගය වන විට සංචරණ සීමා දමා රට වැසීමක් සිදු කළොත් ඒක පුදුම වෙන්න දෙයක් නෑ, මොක ද අපි බරපතළ පාඩම් ඉගෙන ගෙන තියෙනවා මීට කලින් උත්සව ආසන්නයේ සිදුවූ ක්‍රියාවන් නිසා යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා “අපි ලොකු පාඩම් ඉගෙන ගත්තා පසුගිය දෙසැම්බර් මාසයේ, අප්‍රේල් මාසෙත් ඒ පාඩම් ඉගෙන ගත්තා. දැඩි නීති පනවනවා ද ලොක්ඩවුන් එකකට යනවා ද කියන ඒක රජය මඟින් තමා තීරණ ගන්නේ පවතින තත්ත්වයත් එක්ක සැලකිල්ලට අරගෙන”යනුවෙන්ද සඳහන් කරනවා.

එම නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදිය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here