උත්සව සමයේ රට වසා දමයිද?

0
842

උත්සව සමයේ දී රට වසා දැමීමට හෝ හුදකලා කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.

මේ වනවිට ජනතාව ඒ පිළිබඳව දැඩිව විමසන බවත් පවතින තත්ත්වය මත තවමත් එලෙස සමස්ත රටම වසා දැමීමට අවශ්‍යතාවයක් මතුව නැති බවත් කියන ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ “ජනතාව කොටස් දෙකකින් අපට කථා කරනවා. එක කොටසක් කියනවා වහලා දාන්න. මේ කට්ටිය මේ විදියට හැසිරෙන්නේ නැතිවෙයි. ඒක හින්දා වහන එක තමයි හොද. ලොකු වැඩක් 23, 24 සමහරවිට වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා වහලා දාන එක තමයි හොදම කියලා ඒ ආකාරයෙන් අපිට කථා කරන කට්ටියක් ඉන්නවා. අනිත් කට්ටිය කියන්නේ එහෙම කළොත් අපිට අපහසුයි.

මේ කාලේ තමයි යම් කිසි දෙයක් හම්බු කරගන්න තියෙන්නේ එහෙම කථාවකුත් කියලා තියෙනවා. කෙසේ වෙතත් අපි ජනතාවගේ පැත්තෙන් බලලා සුබවාදීව බලාලා අද මේ අපි කථා කරන්න ඔින කිසිම ආකාරයකින් ලොක්ඩවුන් කිරිමක් හුදකලා කිරිමක් හෝ නිරෝධායන ඇදිරි නීතියක් පැනවීමට දැනට බලාපොරොත්තුවක් නැහැ” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here