Saturday, January 18, 2025

උත්සව සමයේ ෆාම්තෙල් මිශ්‍ර පොල්තෙල් වෙළඳපොළට නිකුත් කිරීමට කූඨ ව්‍යාපාරික සැලසුමක් !

ෆාම් තෙල් මිශ‍්‍ර පොල්තෙල් උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා වන උත්සාහය අඩපණ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ කූඨ  ව්‍යාපාරිකයන් පිරිසක් විසින් ෆාම් තෙල් සඳහා වන ආනයනික බද්ද අඩුකර ජනතාව පාරිභෝජනය කරන පොල්තෙල් සඳහා ෆාම්තෙල් මිශ‍්‍ර කර අලෙවි කිරීමේ සූදානමක් පවතින බවයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරනු ලබන්නේ එළඹෙන උත්සව සමයේදී ඇතිවන පොල්තෙල් ඉල්ලුම සඳහා  මෙම ව්‍යාපාරිකයන් විසින් ෆාම්තෙල් මිශ‍්‍ර පොල්තෙල් වෙළඳපොළට  නිකුත් කිරීමේ සූදානමක් ඇති බවයි .

“සාමාන්‍යයෙන් වසරේ පළමු මාස කිහිපය පොල් අවාරය නිසා පොල්වල හිඟයක් වෙළඳපොළ තුළ ඇතිවනවා. මෙන්න මේ තත්ත්වය දඩමීමා කරගෙන ජනතාවට වස කවන්න තමයි මේ කූඨ  ෆාම්තෙල් ආනයන කරුවන් ලෑස්ති වෙන්නෙ.”

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර කාර්යාල පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැවිලි කර්මාන්ත අමාත්‍ය  රමේෂ් පතිරණ මහතා මෙම ගැටලුව පිළිබඳ අවධානය යොමු කර මෙම කූඨ ව්‍යාපාරිකයන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට ඉක්මන් පියවරක් ගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles