Saturday, September 21, 2024

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන අතර, ඒවාට ලබාදෙන විසඳුම්ද පිළිගත හැකි ඒවා නොවන බැවින් ඉදිරියේදී සිදුවන සෑම කටයුත්තකටම අන්තර් ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍ය යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඊයේ (07දා) සවස එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය නියෝජ්‍ය ඇමතිනී ඒන්ලි බැරන්වරියට පවසා ඇත.

ඇය යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන කාර්යාලයේදී ප්‍රධාන අමාත්‍යවරයා හමුවී ඇති අතර, එහිදී පැය දෙකක පමණ කාලයක් උතුරේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, එදා සිට යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ දේශීය යාන්ත්‍රණය තුළ සිදුවන දේ පිළිගැනීමට සියලුමදෙනා එකඟ නොමැති නිසා බවත්, යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන විට අනිවාර්යෙන්ම විදේශීය විනිසුරුවරුන්ගෙන් මෙන්ම අන්තර්ජාතික මට්ටමේ අධීක්ෂණයකින් යුතුව සිදුවිය යුතු බවත්, තමන් යළිත් අවධාරණය කරන බවත්ය

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles