උතුරට ‘වසන්තයා’ එපා! – යාපනේ විරෝධතා

0
306

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය  රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.

පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here