Wednesday, January 8, 2025

උතුරුකරයේ සා පිපාසාව සංසිදුවන්නට මුහුදු ජලයෙන් පානීය ජලය

උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලෙස සෞභාග්‍යයේ දැක්ම යටතේ 2025 දී සැමට මුහුදු ජලයෙන් පිරිසිදු පානීය නල ජලය ලබාදීම උදෙසා යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාව වෙනුවෙන් ඉදිකල යාපනය – කිලිනොච්චිය ජල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරිණි.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටළුවලට සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයකට විසදුම් ලැබෙන බවයි.මුල් අදියරේදී මෙමඟින් ප්‍රතිලාභ ලැබෙන පවුල් ගණන ලක්ෂ 03 කි.ඒ යටතේ නාගදීප මුහුදු ජල පවිත්‍රගාරය, තාලංගෙඩ්ඩි මුහුදු ජල පවිත්‍රාගාරය සහ යාපනය නගර බෙදාහැරීමේ පද්ධතිය ලෙස යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මකයි.යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලැබුවා.

පානීය ජල ගැටලුව සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳා ගත හැකි වන අතර පළමු අදියරේදී පමණක් පවුල් ලක්ෂ තුනකට පමණ මෙමගින් සෙත සැලසෙන බව ජල සම්පාදන හා ජලා‍පවහන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් සිදුකෙරෙන බවද ඇමැතිවරයා පැවසිය.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවසීය.

“උතුරේ ජීවත්වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ නිසි පරිදි පානීය ජලය නැතිකමින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා. මේ සඳහා විවිධ වූ යෝජනා සැලැසුම් ක්‍රියාත්මක වුවද එය ඵලදායී නොවු බැවින් අධික පිරිවැයක් දරා හෝ උතුරේ ජනතාවට සහනයක් දීමේ අරමුණින් ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මේ දැවැන්ත ව්‍යාපෘතිය යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටලුව සියයට‍ පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳෙන අතර මුල් අදියරේ දී පමණක් පවුල් ලක්ෂ 03කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ මූලික වටයේ දී නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය, තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය, යාපනය නගර බෙදාහැරීමේ පද්ධතිය ලෙස යෝජනා ක්‍රම 03ක් ක්‍රියාත්මක වෙනවා.

නාගදීප පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් නාගදීපය, ඉලුවතිව් සහ අනලතිව් යන දූපත්වල වෙසෙන නිවාස 1,500කට ප්‍රතිලාභී පවුල් වශයෙන් පවුල් 6,000කට නළ මගින් ආරක්ෂිත පානීය ජලය ලබාදීම සිදු කෙරෙනවා. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 187ක්. මෙහි දෙවන අදියර එනම් නාගදීප පිරිපහදු පද්ධතියේ සිට නාගදීප, ඉලුවතිව් හා අනලතිව් දූපත් වලට නල මඟින් ජලය ගෙනයාම සඳහා කිලෝමීටර විසිපහක බෙදාහැරීමේ නල පද්ධතිය එළීම ද මෙයට සමගාමීව ආරම්භ කෙරෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 34ක්.

රුපියල් මිලියන 19,000ක පමණ විශාල පිරිවැයක් දරා ඉදිකරනු ලබන තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය මේ ව්‍යාපෘතිය යටතේ සිදුකරන දැවැන්තම යෝජනා ක්‍රමයයි. මෙමගින් නිවාස 12,000ක වාසය කරන, 60,000ක් පමණ වන ජනතාවකට නළ මගින් ආරක්ෂිත පානීය ජල පහසුකම් දීමට කටයුතු කෙරෙනවා. මෙයට සමගාමීව ඉදිකෙරන තාලෛඩි ජල පිරිපහදු පද්ධතිය නළ ජලය දසැපයෙන යාපනය නගර සීමාව සහ තදාසන්න ප්‍රදේශවලට නළ ජලය බෙදාහැරීම සඳහා වන නළ ජල පද්ධතිය මගින් රුපියල් මිලියන 3,160ක් වැයකර පවුල් 28,000ක් වෙසෙන 60,000ක පමණ ජනගහණයට ආරක්ෂිත නළ ජල පහසුකම් ලබාදීමට හැකියාව ලැබී ඇත. මේ පද්ධතියේ දුර ප්‍රමාණය කි.මී. 271ක් වේ. මේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් සිදු කෙරෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles