Sunday, November 17, 2024

උතුරු කොරියාවෙන් සුපිරි හමුදාවක්

ඇමරිකාව වැනි රටවල් උතුරු කොරියාවට එරෙහිව ගෙනයන “සතුරු ප්‍රතිපත්තිවලට” එරෙහිව “පරාජය කළ නොහැකි හමුදාවක්” නිර්මාණය කිරීම තම අරමුණ බව එරට ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති කිම් ජොන් අන් පවසා ඇත්තේ උතුරු කොරියාව විවිධ අවි ආයුධ නිර්මාණය කරන්නේ යුද්ධයක් ඇරඹීමට නොව ස්වයං ආරක්ෂාව සඳහා බවය.

ඔහු ඒ බව පවසා ඇත්තේ එරට පැවති ආරක්ෂක ප්‍රදර්ශනයකදී ය.

එහි විවිධ සුවිසල් මිසයිල ප්‍රදර්ශනයට තබා තිබූ බව විදෙස් මාධ්‍ය පැවසීය.

එම ප්‍රදර්ශනය නම් කර ඇත්තේ “ස්වයං ආරක්ෂාව 2021” යනුවෙනි.

උතුරු කොරියාව විසින් මෑතකදී අධිධ්වණික සහ ගුවන්යානා නාශක මිසයිල අත්හදා බැලීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles