උතුරු කොරියාව නව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

0
391

උතුරු කොරියාව විසින් නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

ඒ එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නතර කර ඇති  සහ සිය මිලිටරි හැකියාවන් අඛණ්ඩව පුළුල් කරමින් පවතින මේ අවස්ථාවේදී  උතුරු කොරියාවෙන් මේ නවතම අත්හදා බැලීම සිදු කර තිබෙනවා.

මෙමඟින් කිලෝමීටර් 1500 ක් (සැතපුම් 930 ක්) ඈතින් පිහිටි ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බවත් එනමි ජපානයේ ඉලක්කයකට වුවද යොමුකල හැකි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම නව නිෂ්පාදනය හා අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝණය නොකරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

උතුරු කොරියාව අවධාරණය කරන්නේ ආහාර හිගයක් සහ ආර්ථික අර්බුදයක් පැවතියද තමන්ට අවි නිෂ්පාදනය කිරීමේ හැකියාව තවමත් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here