උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක

0
382

උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් අද පෙරවරුවේ අත්හදා බලා ඇති බව දකුණු කොරියානු යුධ හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මිසයිලය කොරියානු අර්ධද්වීපයට නැගෙනහිර මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියාව මෙම ක්‍රියාකාරකමට යොමුවී ඇත්තේ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම නතර කර ගැනීම සඳහා අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව විසින් නවතම සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට උත්සාහ දරමින් සිටින පසුබිමකදී.

උතුරු කොරියාව පසුගිය සති කිහිපය තුළ මිසයිල ඇතුලු විවිධ ආයුධ අත්හදා බලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here