Sunday, September 22, 2024

උතුරු පළාතට ආයෝජක සමුළුවක්

උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා වන ආයෝජකයන්ගේ සමුළුවක් පළමුවරට එළඹෙන 22 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළේය.

එමෙන්ම එහි සම්බන්ධීකරණ කටයුතු සඳහා විශේෂ කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ පිහිටුවීමට නියමිතය.

මේ අතර යුරෝපීය විදේශ සේවා අංශයේ කලාපීය නිලධාරීවරයා පසුගිය සතියේ උතුරු පළාතේ සංචාරය කළ අතර, උතුරු පළාත්ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු වී ඇත.

එහිදී ඔවුන් උතුරේ නැවත පදිංචිකිරීම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාතේ පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්පිළිබඳව සාකච්ඡාකර තිබේ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles