Sunday, January 12, 2025

උතුරු මුහුදේ ඉන්දීය ධීවර බෝට්ටු ආක්‍රමණය වැඩි වන ලකුණු. ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි තමිල්නාඩු මහ ඇමති ඉල්ලයි

උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන් සිදුකිරීමට යාපනයේ ධීවරයින් පියවර ගෙන ඇත.

යාපනය වඩමාරච්චි සක්කොට්ටෙයි මුහුදු තීරයේදී ඊයේ (31) රාත්‍රියේ අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා තුනක් වඩමාරච්චි ධීවරයින් විසින් කොටුකරගෙන සිටින අවස්ථාවේදී ඉන්ධීය ධීවරයින් විසින් පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එක් ධීවරයෙකු තුවාල ලැබූ බවටද උතුරු ධීවරයින් පැවසූහ.

එමෙන්ම පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ ධීවරයින්ගේ රුපියල් මිලියනයකට අධීක වටිනා දැල් ආම්පන්න ඉන්දීය ධීවරයින් විසින් විනාශකොට පලා යාමට එරෙහිව එහි ධීවරයින් විසින් වැල්වැටිතුරෙයි පේදුරුතුඩුව මාර්ගයක් අවහිර කොට ධීවර ගැටලුවලට විසඳුම් ඉල්ලා උපවාසයක් ආරම්භ කර තිබුණි.

මේ අතර අච්චුවේලි පොලිස් වසමේද ධීවරයින් විසින් ඉන්දීය ධීවර ප්‍රහාරයන්ට එරෙහිව අච්චුවේලි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් ඊයේ (01) විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

විරෝධතාවනහි නිරත යාපනයේ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටින්නේ උතුරු ධීවරයින් සහ ඉන්දීය ධීවර ගැටලුව වෙනුවෙන් ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම මත මේ වන විට උතුරුමුහුදු තීරයම දැඩි අවධානම් තත්වයක පසුවන අතරම දෙරටේ ධීවරයින් දුටු තැන ගැටුම් ඇතිකරගැනීමේ වාතාවරනයක් නිර්මාණය වී ඇති බවවටත් මේ නිසාවෙන් කඩින්ම විසඳුමක් ගෙන ඉන්දීය ධීවර ගැටලුව විසඳා දෙන ලෙසටය.

මෙි අතර තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පවසන්නේ මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 21 දෙනා වහා නිදහස් කරන ලෙසටය.

ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහත්කර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීමට යාමේ දී එක් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව මගහැර පලායාම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරුවමින් හැසිරීම නිසා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවකට ද අලාභ හානි සිදුව ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කෙසේවෙතත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles