Friday, November 29, 2024

උතුරු සබේ ඇමතිවරුන්ගේ දූෂණ වාර්ථා විවාදය කල් යයි

උතුරු පලාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව එල්ල වූ දූෂණ වංචා ඇතුලත් විමර්ෂණ වාර්ථාව  පැවි  පලාත් සභා සැසි වාරයේදී සභාගත කෙරුණද සභාවේ පැවති උණුසුම් තත්වය හේතුවෙන් විවාදය සිදු කිරීමට නොහැකි වූ බැවින් මේ 14 වැනිදා දක්වා පළාත් සභාව කල් දැමූ බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කියා සිටියේය.

උතුරු පළාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව චෝදනා 29 කින් යුත් වාර්තාවක් උතුරු මහ ඇමැති විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව විසින් උතුරු මහඇමැති වරයා අතට ලබා දී ඇති අතර ඊයේ දින පැවති සැසි වාරයේදී එම වාර්ථාව උතුරු මහඇමති වරයා විසින් සභාගත කිරීම සිදු වූ අතර එහිදී එම්.කේ සිවාජිලිංගම් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාල දූෂණ වාර්තාවේ තීරණය එදිනම ප්‍රකාශ කළ යුතු බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම ප්‍රකාශයට සහය හා විරෝධීව උණුසුම් වචන හුවමාරු වීම නිසා පළාත් සභා සැසි වාරය ලබන 9 වැනි දා පවත්වා අදාල දූෂණ වාර්තාව විවාදයට ගත යුතු බවටත් එම විවාදය මාධ්‍ය වෙතට ලබා නොදීමට කටයුතු කරන ලෙසටත් උතුරු මහඇමැතිවරයා පළාත් සභාවේදී ප්‍රකාශ කර සිටියේය.

“උතුරු පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සම්බන්ධයෙන් විවිධාකාරයෙන් පැමිණිලි ලැබුණා.ඒ ගැන විමර්ශනය කරන්න එක් විමර්ශන කමිටුවක් පත්කළා. ඒ කමිටුවට විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනකු සහ පරිපාලන ක්ෂේත්‍රයේ විශ්‍රාමික ප්‍රධානියකු පත්කළා. ඒ අනුව ස්වාධීන පරීක්ෂණයක් ඔවුන් විසින් සිදුකරනු ලැබුවා ජනතාවගේ විශ්වාසය තහවුරු කෙරෙන අන්දමින් උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළා මෙකී විමර්ශනය අපක්ෂපාතී අන්දමින් ස්වාධීනව සිදු කරල තියනවා’’ පැවසීය.
 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles