උතුරේ කදවුරු ඉවත් කිරීමට කාලය ඇවිත් – සී.වී. විග්නේෂ්වරන්

0
419

උතුරු පළාතේ හමුදා කඳවුරු ඉවත් කිරීමට කාලය පැමිණ ඇති බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු පවසන්නේ ආයුධ ගබඩා හේතුවෙන් හමුදා කඳවුරු පැවතීම ප්‍රදේශය තුළ අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට ද පියවර ගත් බව සී. වී විග්නේෂ්වරන් මහ ඇමතිවරයා වවුනියාව ප්‍රදේශයේ උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ උතුරේ හමුදා කඳවුරු තුළ පවතින ආයුධ ගබඩාවල අනතුරක් සිදුවුවහොත් එමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ රජය වගකිව යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here