උතුරේ දේශපාලන නායකයන් උතුරේ ප්‍රශ්න ගැන පමණක් නොව දකුණේ ප්‍රශ්න ගැනද කතා කළ යුතුයැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනෝල්ඩ් කුරේ පැවසීය.
බොහෝ දේශපාලන නායකයන් ජනතාව කොටවමින් ඉතාම ඉක්මනින් බලයට ඒමට උත්සහා කරන බවත් අවසානයේදි එම ප්‍රශ්න වලින් දුක්විඳින්නේ අහිංසක ජනතාව පමණක් යැයිද ඒ මහතා පැවසීය.
බත්තරමුල්ල ජයන්තිපුර උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.