උතුරේ සංවර්ධනයට වෙන්කළ මුදලින් ලක්ෂ 250 ක් කොටි පවුල් නඩත්තුවට..

0
589

උතුරු පළාතේ ග්‍රාමීය සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති මුදල්වලින් රුපියල් මිලියන 25 ක්‌ හිටපු කොටින්ගේ පවුල්වල නඩත්තුව සඳහා ලබා දීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

උතුරු පළාත් සභාවේ ග්‍රාමීය සංවර්ධන කටයුතු ඇමැති පී. දෙතිස්‌වරන්ගේ උපදෙස්‌ මත මෙම රුපියල් මිලියන 25 ක අරමුදල් ලබා දෙන අතර මෙලෙස රජයෙන් සැපයෙන අරමුදල් උතුරේ සෑම දිස්‌ත්‍රික්‌කයකින්ම තෝරාගත් හිටපු කොටි පවුල්වලට ලබාදෙන බවයි පැවසෙන්නේ.

එසේම මීට පෙර රජයේ ඇමතිවරයෙකු විසින් හිටපු කොටින්ට දීමනාවක්‌ ගෙන ඒම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව හෙල උරුමයේ විරෝධතාව නිසා නතර වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here