Friday, January 24, 2025

උතුරේ හමුදා කදවුරු ඉවත් කළ යුතු නෑ – අස්ගිරි මහ නාහිමි

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි පවසයි.

එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් ඔවුන්ට යළි ලබාදී ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බව උන් වහන්සේ පෙන්වා දෙයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (12) පෙරවරුවේ අස්ගිරි මහනාහිමි බැහැදුටු අවස්ථාවේ උන් වහන්සේ මේ බව කියා සිටියේය.

ලබාගත් සාමයට ගැටළුවක් නොවන ආකාරයෙන් සියලු දෙනා එක්ව වාද භේද දුරලා කටයුතු කිරීමෙන් පමණක් රට සංවර්ධනය කරා රැගෙනයා හැකි බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි ප්‍රකාශ කළේය.

කාලගුණ විපත් මෙන්ම සාලාව හමුදා කදවුරේ පිපිරීමෙන් පීඩාවට පත් වූ සහ අවතැන් වූවන්ගේ ජිවිත යළි නගා සිටුවීම සඳහා විධිමත් වැඩපිළවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද උන් වහන්සේ සඳහන් කරයි.

එමෙන්ම යුධ හමුදා අවි ගබඩා කොස්ගම වැනි ජනාකීර්ණ ප්‍රදේශවල යළි ස්ථාපිත නොකළ යුතු බව අස්ගිරි මහනාහිමියන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles