උදයංග වීරතුංගට ඉන්ටපෝල් විවෘත වරෙන්තු

0
333

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සෘජුවම සම්බන්ධ යැයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව අද යළි කැඳැවිණි.

ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන අංශය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සාක්ෂි සම්පිණ්ඩනය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර වරෙන්තු නිකුත්කරන ලදි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here