Friday, September 20, 2024

උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් ?

මේ වනවිට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම අතර අර්බුද උත්සන්න වී තිබෙනවා. ඊයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදීද දෙපාර්ශ්වය අතර අර්බුද විසඳා ගැනීමට නොහැකි විය.

මේ අතර කිහිප දෙනෙකු හෝ ආණ්ඩුවේ ඉවත් වී ආණ්ඩුවට සිය බලය පෙන්වීමට හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ අනුව මුලින්ම ආණ්ඩුවෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි.

ගම්මන්පිල මහතා ඉදිරි සති කිහිපය තුළ ඇමතිධුරයෙන් සහ ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින අතර ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය දක්වන ප්‍රතිචාර මත පක්ෂ 11 කණ්ඩායමේ සෙසු නායකයන්ද ආණ්ඩුවෙන් ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කරනු ඇත.

කෙසේ නමුත් ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ පක්ෂ 11 කණ්ඩායම කිසිදු හේතුවක් මත ආණ්ඩුවෙන් ඉවත් නොවනු ඇති බවයි. ඔවුන්ට ආණ්ඩුව හෝ පොදුජන පෙරමුණ සමග පැවැත්මක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද පසුගිය දිනවලදී අදහස් ප්‍රකාශ කළ අතර එක් මන්ත්‍රීවරයෙකු පවසා තිබුණේ විමල්, ගම්මන්පිල පමණක් නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද තනිව තරග කර පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බවයි.

2015 ජනාධිපතිවරණයට පෙර පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් එවක පැවති ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක් වූ අතර ගම්මන්පිල මහතාද සිටියේ ඔවුන් සමගයි. කෙසේ නමුත් දින කිහිපයකින් පසුව ඔහු තනිවම නැවත රාජපක්ෂ පාර්ශ්වය සමග එකතු විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles