උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

0
557

අද (02) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ පැවැත්වීමට නියමිතව උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් පිළිබඳවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන යම් සෞඛ්‍ය මාර්ගෝපදේශයක් කිසියම් පුද්ගලයකු විසින් උල්ලංඝණය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලතල තිබෙන බවයි ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇතැයි පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කරන්නට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවයකට පත් වනු ඇති බවට පෙන්වා දුන්නා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here