උද්ඝෝෂණය අතර පහරදීමක් ගැන වාර්තාවක් කැඳවයි

0
592

හම්බන්තොට ඊයේ (06) පැවැති විරෝධතාවය අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

එහි ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේ ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වන බවයි.

හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට  උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කළේය.මෙහිදී පිරිසක් අත්අඩංගුවට ගත් අතර එහිදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පහර දෙන විඩියෝවක් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

මෙම පහරදීමෙන් අනතුරුව අදාල පුද්ගලයා රෝහල්ගත කර ඇත.

ඔවුන් පවසන්නේ පොලීසිය විසින් සිදු කරන ඕනෑම පහරදිමක් හෝ පොලීසියෙන් සිදු වන අසාධාරණයන් පිළිබඳව ජාතික පොලිස් කොමිසමට දැනුම්දීමට හැකියාව පවතින බවයි.

ලිඛිතව අදාල පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින අතර 071 036 1010 යන  දූරකතන මාර්ගයෙන් ද අදාළ  පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් කොමිසම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here