උද්ඝෝෂණ වලින් කොරෝනා බෝ වෙනවා කියලා කිසිම සාක්ෂියක් නැහැ

0
292

උද්ඝෝෂණවලින් කොරෝනා බෝවන බවට තහවුරු කරන ලද කිසිම සාක්ෂියක් හෙළි වී නැතැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කරන්නේ පෙරටුගාමී පක්ෂයේ ‍ප‍්‍රධානින් කිහිප දෙනෙකු සහ ශිෂ්‍ය සංගම් නායකයන් තිදෙනකුට කොරෝනා වැළඳී ඇත්තේ උද්ඝෝෂණ නිසා නොව බන්ධනාගාර තුළ සිටියදී බවයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදී සිටි පිරිස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත්තේ කොරෝනා වැළඳීමෙන් පසු යයි පැවසීමට ඇතමුන් පෙළඹී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන විට කොරෝනා වැළඳුණු එම සාමාජිකයන් පිරිස කිළිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබන බව කී ජයගොඩ මහතා රටේ බන්ධනාගාර කොරෝනා රෝගීන් බෝ කරන තත්ත්වයකට පත්ව ඇතැයිද කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here