Saturday, September 21, 2024

උද්ධමනය ඉහළ යයි

මාර්තු මස උද්ධමනය සියයට 4.1 දක්වා ඉහළ ගොස් ඇත.
 
 කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මේ උද්ධමනය ගණනය කර තිබේ. උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී සියයට 3.3ක් විය.
 
 2020 මාර්තු මාසයේ පැවැති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වූ බව මහ බැංකුව පවසයි. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවැති සියයට 7.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 9.6 දක්වා ඉහළ ගියේ ය. එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවැති සියයට 1.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 1.8 දක්වා ඉහළ ගියේය.
 
 2021 මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට – 0.49ක් සහ සියයට 0.31ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, අමු මිරිස්, නැවුම් මත්ස්‍ය සහ කහ කුඩු මිල ගණන් පහළ ගියේය. මේ අතර, ප‍්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මාර්තු මාසයේ දී වාර්තා විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles