Friday, January 10, 2025

උන්ඩියල්,හවාලාත් ලෝකේ රෙකග්නයිස් ක‍්‍රම – බැසිල්

මේ දක්වා මෙරට මහ බැංකුව මෙරටට එවන මුදල් බැංකු හරහාම එවන්නැයි පවසනවා. මහ බැංකුව කියන්නේ එලෙස මෙරටට මුදල් නොඑවන මාර්ග සියල්ල නීති විරෝධී මාර්ග බවයි. විශේෂයෙන් ඩොලරය සඳහා ඉහල මිලක් ගෙවන උන්ඩියල් මෙන්ම හවාලා වැනි මුදල් එවන මාර්ග සියල්ල මහ බැංකුව සලකන්නේ නීත්‍යනුකුල මාර්ග නොවන බවයි.

එහෙත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාධ්‍යට පවසා ඇත්තේ එවැනි මාර්ග ‘ලෝකේ රෙකග්නයිස් ක්‍රමයක්’ බවයි.

“උන්ඩියල් හවාලාත් ලෝකේ රෙකග්නයිස් ක‍්‍රම. දැන් හරියට ඔය තියෙනවනේ බිඩ් කොයින් වගේ. ඒකත් සමහර රටවල් කියනව නිල නොවන කියල. සමහර රටවල් පිළිඅරගෙන තියෙනවා. දැන් උන්ඩියල් ක‍්‍රමයෙන් මම පිටකොටුවෙන් ඩොලර් 100 ක් අරගෙන ගියොත් මට ඒක ලෝකේ ඕන තැනක මාරු කරන්න පුළුවන්. ඒ ඩොලරයත් එකයි. මම බැංකුවෙන් ගන්න ඩොලරයත් එකයි.

ඒ ඩොලර් සහ අනිත් ඩොලර් එකෙයි වෙනස මොකක්ද ? මගේ ළඟ තියෙන ඩොලර් එකෙයි සේන්ට‍්‍රල් බෑන්ක් එකේ තියෙන ඩොලර් එකෙයි වෙනස මොකක් ද ? දැන් පිටකොටුවේ ඉන්න මුදලාලි උන්ඩියල් කරන මිනිහ ළඟ තියෙන ඩොලර් ලක්ෂයයි සේන්ට‍්‍රල් බෑන්ක් එකෙයි මහජන බැංකුවෙයි තියෙන ඩොලර් ලක්ෂයයි අතර තියෙන වෙනස් මොකක් ද? ඒකෙන් ගේන පරිප්පුවලයි මේකෙන් ගේන පරිප්පුවලයි වෙනසක් මොකක් ද තියෙන්නේ”යි මුදල් අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles