උඳුවප් පොහොය අදයි – සිරිපා සමය ඇරඹේ

0
862

උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අදට (29)  යෙදී තිබේ.

මෙවර සිරිපා වන්දනා සමයත් අදින් ආරම්භ වන අතර පවතින කොවිඩ් – 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට පමණක් සීමාකර ඇත.

අදට යෙදී ඇති උඳුවප් පුර පසලොස්වක පොහොය දින බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සැලකේ.
                               
මෙරට භික්ෂුණී ශාසනය බිහිකිරීම මෙන්ම ශ්‍රී මහ බෝධින් වහන්සේ මෙරටට වැඩමවීම සිදුව ඇත්තේ ද අද වැනි උතුම් පුන් පොහෝ දිනකය.

මේ අතර මෙවර ශ්‍රී පාද වන්දනා සමයත් අදින් ආරම්භ වේ.

සිරිපා කරුණාවේ ආරම්භය සනිටුහන් කරමින්, පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රථිමාව හා දේවාභරණ පෙරහැරින් සිරිපා මළුව දක්වා වැඩම කරවීම ඊයේ (28) සිදුකෙරිණි.

සුබ නැකතින් චාරිත්‍රානුකූලව ශ්‍රී පාද වන්දනා සමය අද සිට ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here