උපවාස රැදවියාට කුඩු ගෙනා තරුණයා මාට්ටු….

0
549

අනුරාධපුර බන්ධනාගාරයේ වහලය මත නැගී උපවාසයේ යෙදුණු රැදවියන්ට ලබාදීම සඳහා රෝස් පාන් තුළ සඟවාගෙන මත්කුඩු පැකට් 5ක් රැගෙන ආ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම තරුණයා අනුරාධපුර පොලීසියට භාර දී ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අද මේ බව හෙළි වී ඇති බව සදහන්.

අනුරාධපුර – ලෝලූගස්වැව ප්‍රදේශයේ පදිංචි මෙම 20 හැවිරිදි තරුණයා හෙරොයින් මිලිග්‍රෑම් 420ක් ඉතා සූක්ෂම ලෙස රෝස් පාන් අතර සඟවාගෙන පැමිණි බවයි හෙළි වී ඇත්තේ.

ඔහු මීට පෙර දුරකථන රැහැන් සොරෙන් කපා අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවත් පොලීසිය සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here