Sunday, September 22, 2024

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසු හඳුනාගත් පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය.

ඒ ඒ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවලට වසරක පුහුණු කාලයකට යටත්ව දිස්ත්‍රික් පදනම මත එම උපාධිධාරීන් බඳවා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

දත්ත හා තොරතුරු රැස් කිරීම වාර්තා සකස් කිරීම ආදී කාර්යයන් සඳහා උපාධිධාරීන්ගේ සේවය අවශ්‍ය වී ඇති බවද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles