Thursday, January 16, 2025

උපාධිධාරීන් 51,000කට ස්ථීර පත්වීම්

රැකියා විරහිත උපාධිධාරීන් 51,000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදා සිට ආරම්භ කරන බව කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03 වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කිරීමට නියමිතයි.

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500 ක් පමණ සේවය එදිනම ස්ථීර කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු ලබන වසරේ අප්‍රේල් 1 වැනි දා ස්ථීර කිරීමට නියමිතය.

දැනට පුහුණුව ලබන මෙසේ බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට අදාළ ලිපි, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අදාළ පළාත් සභා ලේකම්වරු වෙත ද යොමු කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles