මේ වනවිට උපාධිධාරීන් හයසිය දෙනෙකු පමණ රාජ්‍ය සේවයේ කම්කරුවන් ලෙස සේවයේ නිරත වන බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
ඊට පිළිතුරු දුන් රාජ්‍ය සේවා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ එසේ කොට ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී බවයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳ ලිඛිතව තොරතුරු ලබා දෙන්නැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කිරිඇල්ල මහතාට පිළිතුරු දෙමින් සඳහන් කළා.