Friday, September 20, 2024

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සැප්තැම්බර් මස 15 දිනට පෙර වන්දි මුදල් ලබා දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය අනුකමිටුව අද (13) අදාල නිලධාරින්ට දැනුම් දුන්නේය.මේ සදහා වන තක්සේරු කිරීමේ කටයුතු අගොස්තු මස 01 දින වනවිට අවසන් කිරීමට පියවර ගන්නා බව තක්සේරු නිලධාරින් මෙහිදි දැනුම් දුන්නේය. මෙම වන්දි ලබා දීම සදහා මේ වනවිටත් රජය විසින් රුපියල් මිලියන 300ක මුදලක් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇත. උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය නිසා ඇතිව තිබෙන ජල කාන්දුව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ජනතාව පීඩාවට පත්ව ඇති අතර ඒ පිළිබදව විසදුම් ලබා දීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අද දින පස්වරුවේ මහවැලි අමාත්‍යාංශයේ දී හමුවී සාකච්ඡා කළ හ. මෙම සාකච්ඡාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ඊට අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා, අමාත්‍ය ඩිලාන් පෙරේරා, අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා මහවැලි අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුලු සියලුම නිලධාරිහු සහභාගි වුහ. මෙහිදී ගනු ලැබු තීරණ අනුව දැනට පවතින උග්‍ර පානීය හා වෙනත් කටයුතු සදහා අවශ්‍ය ජලය ලබා දීමට ඔහිය සිට දියතලාව දක්වා දිනකට ජල ලීටර් ලක්ෂ දෙකක්දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමටත්, තවත් ජල ලීටර් ලක්ෂ 04ක් උමා ඔය ජල කාන්දුවෙන් ලබා ගැනීමටත්, වෙනත් ස්ථානවල සිට බවුසර් මගින් ජලය බෙදා හැරීමටත් තීරණය කර ඇත. එමෙන්ම ක්‍රෙග්වත්ත අක්කර 50ක ඉඩම් වහාම ඉදිරි සති දෙක තුළ රජයට පවරාගෙන එහි ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ඇරඹීමටත් තීරණය කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. එමෙන්ම දැනට මෙම කටයුතුවල යෙදී සිටින නිලධාරින්ට අමතරව ආරක්ෂක අංශවල සහාය ලබා දීමට ද කටයුතු යොදා ඇති අතර, කිසියම් නිලධාරියෙක් වැඩ කටයුතු කඩාකප්පල් කරන්නේ නම් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය. කෙසේ වුවද මීට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර, අනු කමිටුවේ වාර්තාව ද එදිනට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. මේ වනවිට වන්දි ලබා දීමේ කටයුතු අරඹා තිබෙන අතර සුපර් ලාක් ක්‍රමය යටතේ විශාල වන්දි මුදලක් පීඩාවට පත් ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර රජය මෙම තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මේ අතර උමා ඔය ජල කාන්දුව සම්බන්ධයෙන් වමර්ශනය සදහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් පැමිණ පරීක්ෂා කිරිම් අරඹා ඇත. අවසන් කණ්ඩායම වශයෙන් නෝර්විජියානු විශේෂඥ පිරිස අගෝස්තු 01 දින පැමිණෙන අතර උමා ඔය ව්‍යාපෘතිය පවත්ාවගෙන යන්නේ ද නැද්ද ගැන එම විශේෂඥ මතය අනුව තීරණය වනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සැප්තැම්බර් මස 15 දිනට පෙර වන්දි මුදල් ලබා දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය අනුකමිටුව අද (13) අදාල නිලධාරින්ට දැනුම් දුන්නේය.මේ සදහා වන තක්සේරු කිරීමේ කටයුතු අගොස්තු මස 01 දින වනවිට අවසන් කිරීමට පියවර ගන්නා බව තක්සේරු නිලධාරින් මෙහිදි දැනුම් දුන්නේය. මෙම වන්දි ලබා දීම සදහා මේ වනවිටත් රජය විසින් රුපියල් මිලියන 300ක මුදලක් දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දී ඇත.

උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය නිසා ඇතිව තිබෙන ජල කාන්දුව හේතුවෙන්  ප්‍රදේශ ගණනාවක ජනතාව පීඩාවට පත්ව ඇති අතර ඒ පිළිබදව විසදුම් ලබා දීමට පත් කළ අමාත්‍ය අනුකමිටුව අද දින පස්වරුවේ මහවැලි අමාත්‍යාංශයේ දී හමුවී සාකච්ඡා කළ හ.

මෙම සාකච්ඡාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ඊට අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා, අමාත්‍ය ඩිලාන් පෙරේරා, අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න හා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා මහවැලි අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුලු සියලුම නිලධාරිහු සහභාගි වුහ.

මෙහිදී  ගනු ලැබු තීරණ අනුව දැනට පවතින උග්‍ර පානීය හා වෙනත් කටයුතු සදහා අවශ්‍ය ජලය ලබා දීමට ඔහිය සිට දියතලාව දක්වා දිනකට ජල ලීටර් ලක්ෂ දෙකක්දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමටත්, තවත් ජල ලීටර් ලක්ෂ 04ක් උමා ඔය ජල කාන්දුවෙන් ලබා ගැනීමටත්, වෙනත් ස්ථානවල සිට බවුසර් මගින්  ජලය බෙදා හැරීමටත් තීරණය කර ඇත. එමෙන්ම ක්‍රෙග්වත්ත අක්කර 50ක ඉඩම් වහාම ඉදිරි සති දෙක තුළ රජයට පවරාගෙන එහි ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ඇරඹීමටත් තීරණය කර ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

එමෙන්ම දැනට මෙම කටයුතුවල යෙදී සිටින නිලධාරින්ට අමතරව ආරක්ෂක අංශවල සහාය ලබා දීමට ද කටයුතු යොදා ඇති අතර, කිසියම් නිලධාරියෙක් වැඩ කටයුතු කඩාකප්පල් කරන්නේ නම් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

කෙසේ වුවද මීට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර, අනු කමිටුවේ වාර්තාව ද එදිනට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

මේ වනවිට වන්දි ලබා දීමේ කටයුතු අරඹා තිබෙන අතර සුපර් ලාක් ක්‍රමය යටතේ විශාල වන්දි මුදලක්  පීඩාවට පත් ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර රජය මෙම තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර උමා ඔය ජල කාන්දුව සම්බන්ධයෙන් වමර්ශනය සදහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් පැමිණ පරීක්ෂා කිරිම් අරඹා ඇත. අවසන් කණ්ඩායම වශයෙන් නෝර්විජියානු විශේෂඥ පිරිස අගෝස්තු 01 දින පැමිණෙන අතර උමා ඔය ව්‍යාපෘතිය පවත්ාවගෙන යන්නේ ද නැද්ද ගැන එම විශේෂඥ මතය අනුව තීරණය වනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles