උෂ්ණත්වය වැඩිවීම නිසා කලින්ම බබා එළියට

0
873

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

විද්‍යාඥයින් පවසන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.2 සීමාව ඉහළ යන විට කලින් දරු උපත් සිදුවීමේ හැකියාවද සියයට 5 කින් ඉහළ යන බවය.

ගත වූ වසරක කාලය තුළදී පමණක් අමෙරිකාවේ එලෙස නියමිත කාලයට පෙර දරු උපත් 25,000 ක් සිදුව තිබෙනවා. ඊට උණුසුම් කාලගුණය හේතුවී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

සමස්තයක් ලෙස ගත් කළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් නියමිත දිනට දින 6 ත් සති 2 ත් අතර කාලයකට පෙර දරු උපත් සිදුවිය හැකි බව අදාළ අධ්‍යයනයේ සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here