උසස්පෙළ විෂය මාලාව අවසන් කිරීමට නොහැකි වීම සහ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීම යන කරුණු පිළිබද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

0
309

උසස්පෙළ විභාගයට පෙර විෂය මාලාව අවසන් කිරීමට නොහැකි තත්වයක් ඇති බවට සිසුන් පෙන්වාදී ඇති කරුණ පිළිබද අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතිබව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. උසස් පෙළ විභාගයට පෙර විෂය මාලාව අවසන් කිරීමට නොහැකි තත්වය සම්බන්ධයෙන් විසදුම් සෙවීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා සමගද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබවද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා.

එමෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ෆයිසර්(Pfizer) එන්නත ලබාදිම සඳහා ජනාධිපතිතුමා ලබාදී ඇති නියෝගය අනුව දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය අතර සාකච්ඡා ආරම්භ කර ඇති බවද, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

පළමුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් දියත් වී ඇති බවද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here