Friday, September 20, 2024

උසස් පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මෙතෙක් උසස්පෙළ විභාග ප්‍රවේශ පත්‍රය නොලද අයදුමුකරුවෙකු වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එය භාගත කරගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කර යවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

එසේ නොලැබුණු යම් අයදුම්කරුවෙක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස එහි මුල් පිටුවේ සේවා යටතේ ඇති අ.පො.ස (උ.පෙළ) විභාගය 2021 (විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම) නමැති අයිකනය තෝරා ඒ යටතේ නිවරැදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කරගත හැකියි.

එසේම ප්‍රවේශ පත්‍රයේ නම, විෂය සහ මාධ්‍යය සංශෝධනය කිරීමට ද හැකි අතර එලෙස සංශෝධන සිදුකල හැකිවනුයේ එක් අවස්ථාවකදී පමණයි.

2021 උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,439 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles