Tuesday, September 24, 2024

උසස් පෙළ අවසන් වූ පසු ලයිට් කපන්න – රනිල් ඉල්ලයි

විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වන බවත් මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන මාර්තු 05 වැනිදායින් පසුව සිදු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විවිධ ප්‍රදේශ වල විවිධ අවස්ථාවන්හීදී විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ජනතාවට මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ සඳහන් කරමින් නඩු පැවරිය හැකි බව ඊයේ (23දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ, ඊයේ (22) රාත්‍රියේදී සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව අනාවරණය කළේ, මේ සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ කරුණට ප්‍රතිචාර දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles