උසස් පෙළ විශිෂ්ටයන්ට ජපන් යන්න වරම්

0
559

පසුගිය වසරේ උසස් පෙළ විද්‍යාල ගණිත සහ තාක්ෂණ අංශයෙන් දිවයිනේ විශිෂ්ටතම ප‍්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජපානයේ අධ්‍යයන චාරිකාවක නිරත වීමට ගුවන් ටිකට් පත් ප‍්‍රදානය කිරීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

ජපාන් – ආසියානු (විද්‍යා හා තාක්ෂණ) ළමා හුවමාරු වැඩසටහන යටතේ,  Japan Science and Technology agency ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම අධ්‍යයන වැඩසටහන Sakura Science plan for high school’s students ලෙස නම් කර තිබේ.

ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට කරන ලද ඇරයුමක් අනුව මෙම අවස්ථාව ලංකාවේ පාසල් සිසුන් වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, පසුගිය වසරේ උසස් පෙළ විශිෂ්ට සමතුන් අතරින් ජාතික මට්ටමින් තෝරාගන්නා ලද විද්‍යා, ගණිත සහ තාක්ෂණ අංශයේ විශිෂ්ට දක්ෂතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු ඊයේ (10) සිට ලබන 16 දින තෙක් පැවැත්වෙන මෙම අධ්‍යයන චාරිකාව සඳහා සහභාගී වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here