උ/පෙළ විභාග ගැටලුව විමර්ශනයට විශේෂඥ කමිටුවක් පත් කරන බව විභාග කොමසාරිස් පවසයි

0
285

මෙවර උසස් පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරි තත්ත්වය විමර්ශනයට විශේෂඥ කමිටුවක් පත් කරන බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.

පසුගිය 09 වැනිදා චිත්‍ර විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා දිමේදී විභාග මධ්‍යස්ථාන දෙකක සිසුන්ට ගැටලු මතුවූ බවට වාර්තා විය.

ඒ බද්දේගම ක්‍රිස්තූදේව පිරිමි විද්‍යාලයේ සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානවලදීයි.

බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී සිසුන්ට ලබා දුන් චිත්‍ර ප්‍රශ්න පත්‍රයක් නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල විය.

ගම්පහ තක්ෂිලා විද්‍යාලයේදී සිදුව තිබුණේ චිත්‍ර ප්‍රශ්න පත්‍රෙය් දෙවන කොටස සිසුන්ට ලබා නොදීමයි.

ප්‍රශ්නයට මුහුණ දුන් සිසුන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා විශේෂඥ කමිටුවෙන් උපදෙස් ලබාගන්නා බව, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කර තිබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here