Tuesday, September 24, 2024

එංගලන්තයෙනුත් ‘ඩෙල්ටාක්‍රෝන්’

සයිප‍්‍රසයේදී මුල් වරට හඳුනාගනු ලැබූ ඩෙල්ටා හා ඔමික්‍රෝන් යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දෙකෙහි සංකලනයක් සේ සැළකෙන ‘ඩෙල්ටාක්‍රෝන්’ නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් කිහිපදෙනකු එංගලන්තයෙන් පසුගිය දිනවල වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ඩෙල්ටාක්‍රෝන් ප‍්‍රභේදය මාරාන්තික ඩෙල්ටා ප‍්‍රභේදය හා ඔමික්‍රෝන් ප‍්‍රභේදය එකවර ආසාදනය වූවන් හරහා බිහි වන්නට ඇති බව එංගලන්ත සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂක ආයතනය විසින් මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව එංගලන්ත මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඩෙල්ටාක්‍රෝන් ප‍්‍රභේදය මුල් වරට හඳුනාගනු ලැබුවේ සයිප‍්‍රසයේදී වන අතර එහිදී ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන තිබිණි.

ඩෙල්ටාක්‍රෝන් ප‍්‍රභේදය එන්නත්වලින් ලැබෙන ප‍්‍රතිශක්තිය අභිබවමින් ආසාදනය වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles