ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර අවසන් වූ සිවුවැනි එක්දින තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ලංකා නායක මැතිව්ස් සඳහන් කර සිටියේ, “කණ්ඩායමක් වශයෙන් සෑම තරගයකම ජයග්‍රහණය වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වුවද පන්දුවට පහරදීම, පන්දු යැවීම හා පන්දු රැකීමේ අංශ තුනෙන් එක් අංශයක දක්වන අඩු දක්ෂතාව මෙම තරගයේ පරාජයටද ප්‍රධාන වශයෙන් හේතුවූ බවයි”.
සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූණා. එම ජයග්‍රහණයත් සමගින් තරග 5කින් යුත් එක්දින තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලි ජය හිමි කරගැනීමට එංගලන්තය සමත් වුණා. පිතිකරුවන් ඔවුන්ගේ රාජකාරිය නිවැරදිව ඉටුකර තිබියදීත් තරගය පරාජයට පත්වීම පිළිබඳව දැඩිලෙස කනගාටුවට පත්වන මැතිව්ස් පවසා සිටියා. ලංකාව පන්ඳු වාර 42ක තුල ලකුණු 305ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස් කළා.
ඔහු දැක් වූ අදහස් පහතින් ඇත:
“මම හිතන්නෙ අපි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත්. නමුත් අංශ තුනෙන් (පන්දුවට පහරදීම, පන්දු යැවීමෙ හා පන්දු රැකීම) එක් අංශයක් සෑම තරගයකදීම දුර්වල වීම කනගාටුවට කාරණයක්. මෙම තරගයේදීත් පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වෙ නැහැ”.
“ජේසන් දවා ගන්න අපි උත්සාහ කළා. නමුත් තණතිල්ල පිතිකරුවන්ට වඩාත් යෝග්‍යයි. ඔහු කල්වේලා අරගෙන හොඳින් පන්දුවට පහර දුන්නා”.
“කුසල්” දවසින් දවස දක්ෂතා අතින් වර්ධනය වෙනවා. මෙම තරගය පුරාම ඔහු හොඳින් පිතිකරණයේ යෙදුණා. අපේ අනාගතය වෙනුවෙන් ඔහු සුභ ලකුණක් වෙයි”.
එම තරඟයේදී රෝයි පන්දු 118කදී වේගවත් ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා. පන්ඳු යැවීමේදී නුවන් ප්‍රදීප් පමණයි පන්දුවාර 9කදී ලකුණු 78කට කඩුලු 2ක් දවාළීමට සමත් වුණේ. කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතය වෙනුවෙන් හොඳ තෝරාගැනීමක් බව දැන් සැමට වැටහෙනවා. ඔහු, මෙම තරගයේදී ලකුණු 77ක් රැස් කළා.