එකත් නෙමේ – දෙකත් නෙමේ – මට ඕනේ රට

0
649

තමාට අවශ්‍ය වන්නේ පළමුවැනියා හෝ දෙවැනියා වීම නොව ඒකීය රටක් වශයෙන් ස්වෛරීභාවය සහ රණවිරුවන් ආරක්ෂා කර ගැනීම බව ඔහු කියා සිටියේ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ සංවිධානය කරන ලද රණවිරු උපහාර උත්සවයක් අමතමිනි.

රටේ ස්වෛරීභාවය සහ රණවිරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ඕනෑම පුද්ගලයකු සමග තමා එක් වන බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් සහ වගකීම් ලබා දිය යුතු බව තමා යෝජනා කරන බවයි කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මීට ඉහතදී කියා සිටියේ.

රට තුළ වර්තමානයේ පොලිස් පාලනයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here