එකම පවුලේ 10කට කොරෝනා

0
423

කොලොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ මව, පියා, දරුවන් ඇතුලු 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
 

මව කොරෝනා ආසාදිතයකු වශයෙන් මුලින්ම  හදුනාගෙන  ඇය   ප්‍රතිකාර සදහා යොමු කර  පියා ඇතුලු නිවසේ දරුවන් ස්වයං නිරෝධායනයට  යොමු කර තිබී ඇත. පසුව ඔවුන් සියලු දෙනාද පී සී ආර්  පරීක්ෂණයට යොමු කිරීමේ දී  එම දරුවන්ට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වු බවද  සෞඛ්‍ය අංශ පවසයි.
 
මව හරහා මොවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට සැකකරන බවද සෞඛ්‍ය අංශ කියයි.
 
ආසාදිත වු සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවද  සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here