Friday, January 10, 2025

එකම පැත්තෙ තුන්ගොල්ලක් තුනක් කියති!

ස්පුට්නික් v එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයක එන්නත් කිරීමේ කටයුත්තේදී එය ‘එක් මාත්‍රාවකට’ පමණක් සීමා කිරීම ගැන දැන් ප්‍රදේශවාසීහු විරෝධය පළ කරමින් සිටිති.

මේ සම්බන්ධව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසන්නේ එය විශේෂඥයන්ගේ අදහස අනුව ගත් තීරණයක් බවයි. එසේ එක් එන්නත් මාත්‍රාවක් මාස 6ක කාලයක් ‘ඇදගෙන යාමට’ ප්‍රමාණවත් බව අමාත්‍යවරයා පවසනවා.

නමුත් වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ අනිවාර්යයෙන්ම දෙවැනි මාත්‍රාව ගතයුතු බවත්, කිසිදු තැනක එවැනි අදහසක් පළකර නැති බවයි.

එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර වෘත්තිය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ WHO හි අනුමැතිය නොමැතිව කිසිවෙකුට මාත්‍රා ගණන තීරණය කළ නොහැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles