Monday, December 23, 2024

එක්දින විභාග සහතික පත් නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවයි

විභාග දෙපාර්තමේන්තුව ලබන (24) සඳුදා සිට විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. පෙබරවාරි මාසයේ ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම හේතුවෙන් මෙම සේවය අත්හිටුවීමට සිදු වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සහතික පත්‍ර මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට අයදුම් කිරීම තව දුරටත් ක්‍රියාත්මක අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා ඇත. එසේම අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝඅයදුම්කරුගේ ලිපිනය වෙත අධිවේගී තැපැල් මාර්ගයෙන් සහතික පත් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles