එක්දින සංචිතයට නම් කෙරුණු තවත් 05 ක් එංගලන්තයට..

0
753

එංගලන්තයේ පැවැත්වෙන එක්දින තරඟාවලි සඳහා තෝරා ගැනීම් සිදු කිරීමට අදාළව තවත් ක්‍රීඩකයන් පස්දෙනෙකු එංගලන්තයට පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙන  බව වාර්තා වෙනවා. උපුල් තරංග, ෆර්විස් මහරුෆ්, ධනුෂ්ක ගුණතිලක, සුරාජ් රන්දිව් හා සීක්කුගේ ප්‍රසන්න මේ සඳහා තෝරාගෙන ඇති බව සඳහන් වෙනවා.

මෙම පිරිස ඉතාමත් ඉක්මනින්ම එංගලන්තය බලා පිටත්ව යන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. එංගන්තයේ ටෙස්ට් තරගාවලිය සඳහා දැන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා මෙම ක්‍රීඩකයන් එක්වීමට නියමිතයි. ඔවුන් සියලු දෙනා අතරින් අවසන් එක්දින සංචිතය තෝරා ගැණෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here