Saturday, January 25, 2025

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අද දිවයිනට

සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්රිෆ් මහතා අද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ දී සිදුවී ඇති බරපතළ උල්ලංඝණයවීම් හා අපයෝජනයන් ද ඇතුළුව අතීතයේ සිදුවී ඇති සිදුවීම් සඳහා ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති ප්‍රගතිය පරීක්ෂා කිරීම ඔහුගේ මෙම චාරිකවේ අරමුණ වී ඇති බව වාර්තා වෙයි.
අද දිනයේ දිවයිනට පැමිණෙන පැබ්ලෝ මහතා ලබන 23 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව තිබේ.
සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ දී මුහුණපෑමට සිදුවන බාධකයන් හා දුෂ්කරතාවයන් හඳුනාගැනීමේ දී ශ්‍රී ලංකාව අද වන තෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමත් එම බාධක ජය ගැනීම සඳහා වූ අවස්ථාවන් පිළිබඳ රජය සහ ශ්‍රී ලංකාවේ සමාජය සමඟ සංවාදයක යෙදීමත් පැබ්ලෝ ඩි ග්රිෆ් මහතා මෙම සංචාරය තුළ දී සිදුකිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරයා මෙම සංචාරයේ දී රජය පළාත් සභා මට්ටමේ රාජ්‍ය නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධිකරණයේ සාමාජිකයින්, සන්නද්ධ හමුදාවල නිලධාරීන්, ආගමික නායකයින්, දේශපාලන පක්ෂ, මානව හිමිකම් කොමිසම, සිවිල් සමාජය, වින්දිතයින්ගේ කණ්ඩායම්, විද්වතුන් හා ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතවරුන් ද හමුවීමට සැළසුම් කර තිබේ.
ඔහු දකුණ මධ්‍යම උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
මෙම සංචාරයේ දී ලබාගත් මූලික නිඟමන හා නිර්දේශ පිළිබඳ කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහි අවසන් වාර්තාව ලබන වසරේ සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles