එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

0
313

ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයින් සහ ඇෆ්ගනිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති හමුවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනයෙන් ඉල්ලා ඇත්තේ රට තුළ සිදුවන මානව හිමිකම් කඩවීම් වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. තලේබාන් පාලනය තුළ සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, ආගමික නායකයන්, රාජ්‍ය නිලධාරීන්, අධිකරණ නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ පවසති. කාන්තා ක්‍රියාකාරීන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම් සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ගේ අවධානය යොමුව තිබේ. තලේබාන් පාලකයින් ඉල්ලා ඇත්තේ මෙම තත්ත්වය වැළැක්වීමට සහ පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. මෙම ඝාතන සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ඉල්ලා සිටි බව විදෙස් වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here