Sunday, September 22, 2024

එක්සත්, නොබෙඳුණු රටකට TNA සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ටොලෝ පක්ෂයේ වව්නියාවේ දී මධ්‍යම කාරක සභා සාමාජිකයින් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය විසින් මෙසේ නිල නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක් ද තිබිය යුතු බවද පෙන්වා දෙයි.

එහිදී පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයකු වීම පෙන්වා දෙයි.

දෙවැනි කරුණ වන්නේ, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිධ හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි.

තුන්වන කරුණ වන්නේ, මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවු අයෙකු වීමයි.

අවසන් කරුණ වන්නේ, සාධාරණත්වය හා සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතු බවයි.

ඉහත කරුණු සඳහන් වගකීම කවුරුන් හට ලබා දෙනවා ද යන තීන්දු ගැනීමේ දී ඡන්ද දායකයා ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවද ඒ නිසා සියලු කරුණු සළකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන ද සළකා බලා දෙමළ ජාතික සන්ධානය ( ඉලංගයි තමිල් අරසුකච්චි) විසින් සියලුම ජනතාවගෙන් විශේෂයෙන් නියෝජනය කරන දමිළ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂකයා, හංසයා ලකුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ලබා ලෙසත් ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අදයික්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ථාර්තන් යන අය විසින් නිකුත් කර ඇත.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles