Sunday, September 22, 2024

එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට සූදානම් වෙයි

නැගෙනහිර යුක්‍රේනයේ බිඳී ගිය කලාප දෙකක් ගැන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත් තීරණය නිසා රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම ඒ සඳහා එක්සත් ජනපදය සහ එහි යුරෝපීය රටවල නායකයින්ද සූදානම් බවයි පැවසෙන්නේ.


එක්සත් රාජධානිය මෙන්ම එක්සත් ජනපදය, ප්‍රංශය සහ යුරෝපා සංගමය, පුටින් මහතාගේ පියවර හෙළා දකිමින් සහ සම්බාධක ගන්නා බවට පොරොන්දු වී ඇති බවයි පැවසෙන්නේ.

එක්සත් රාජධානියේ සම්බාධක රුසියානු රජයට සහ රුසියාවේ ආර්ථිකයට සම්බන්ධ පුද්ගලයින් සහ සමාගම් ඉලක්ක කර ගන්නා බවද වාර්තා වී තිබෙනවා

අගමැති බොරිස් ජොන්සන්, කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ හදිසි ප්‍රතිචාර සඳහා රැස්වන රැස්වීමකදී සම්බාධක මෙන්ම නවතම බුද්ධි තොරතුරු ද සාකච්ඡා කර ඇති බව සඳහන්ය .

ජොන්සන් මහතා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ට පවසා තිබෙන්නේ ඉදිරි දිනවලදී ආක්‍රමණයක් සිදු විය හැකි බවට තමා විශ්වාස කරන බවයි.

එමෙන්ම රජයේ ඉල්ලීම පරිදි යුක්‍රේනයට තවදුරටත් ආරක්ෂක සහය යැවීම සඳහා ගවේෂණය කරන බවත් සම්බාධක ගැනීම පිළිබඳ විස්තර කරන බවත් පවසා තිබෙන බව සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles