එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන අධිකරණ ඇමතිගෙන් අනාවරණයක්

0
496

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් විසිරුණු භාණ්ඩවලින් සියයට 90 ක ප්‍රමාණයක් මුහුදු පතුලට හා පරිසරයට හානි නොවන පරිදි දැනටමත් ඉවත් කර අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

එම නෞකාව අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට අදාළ කටයුතු සොයා බැලීම සඳහා නෞකාව මුහුදුබත්ව ඇති ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එම සිදුවීමට වන්දි වශයෙන් අදාළ පාර්ශවයන්ගෙන් රුපියල් බිලියනයක පමණ මුදලක් දැනටමත් ලබාගෙන ඇති බවත්, අනෙකුත් වන්දි මුදල් ලබාගැනීමට මේවනවිටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here