එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවූ පිළිකාකාරක මිනිස් ශරීර තුළ ඇති බවට පරීක්ෂණ කිහිපයකින් සනාථ වෙයි

0
382

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු එහි තිබී මුහුදු තීරයට හා වෙරළ තීරයන්ට ආ ප්ලාස්ටික් මෙන්ම අබලි ද්‍රව්‍යවල ඇති පිළිකාකාරක, ඒවා ඉවත් කිරීමට දායක වූ ජනතාවගේ ශරීර අභ්‍යන්තරයට ඇතුළු වී ඇති බවට පරීක‍ෂණ කිහිපයකින් සනාථ වී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

එම පරීක‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය බහුලව කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ශරීරයන්ට ඇතුළු වී ඇති බවයි.

මේ අතර මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතුද මේ විට ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here