එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම සලකා බැලීම ලබන මාසයේදී

0
340

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා නොවැම්බර් 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ අදාළ අනතුරෙන් ඇති වූ පාරිසරික විනාශය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් සිදුකරන ලෙස සහ එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර ජනතාවට වන්දි වශයෙන් රුපියල් බිලියන 7.77 ක් ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, එහි සභාපති වරයා, හාබර් මාස්ටර්වරයා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු 20 දෙනෙකු නම් කර ඇති බව සඳහන්.

මෙම පෙත්සම මගින් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් ඇතිවූ පාරිසරික හානිය පිළිබඳව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම අදාළ අනතුර හේතුවෙන් කොළඹ, ගම්පහ සහ කලු‍තර දිස්ත්‍රික්කවල වෙසෙන ධීවරයින්ගේ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි ආර්ථික අගතියට පත්වූ බැවින් එම ධීවරයන්ට වන්දි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here