‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව සම්න්ධයෙන් දත්ත සැඟවීමක්?

0
275

කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව සම්න්ධයෙන් කළ විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියට බාරදුන් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ ලැප්ටොප් පරිගණකට හානි සිදුවුයේ කෙසේදැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අද නියම කරනු ලැබුවා.

විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියට බාරදුන් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ ඉතාම හොඳ ක‍්‍රියාකාරී තත්වයේ තිබු ලැප්ටොප් පරිගණකය පොඩි ළමයකු හෝ නොකරන අන්දමින් කඩා බිඳ හානි කොට ඇතැයි එම ලැප්ටොප් පරිගණකය අධිකරණයට ඉදිරිපත් කරමින් නීතීඥ කිත්සිරි ලියනගේ මහතා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කළැයි කියන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා එහි දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පස්දෙනෙක් අධිකරණයේ පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here